ග්‍රහලෝක හතක් එක පෙළට දැකගැනීමේ අවස්ථාව අද
ග්‍රහලෝක 7 ක් එක පෙළට දැකගැනීමේ අවස්ථාව සවස අද (28) උදාවී තිබෙනවා.
ඒ අනුව රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.
ග්‍රහලෝක පෙරහැරක් (Planetary Parade) ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී බව නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.
අදාළ ග්‍රහලෝක අතරින් බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනෙනු ඇති අතර සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හඳුනා ගැනීමට දුරේක්ෂයක් අවශ්‍ය බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.