සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා පත් කෙරේ .


 


ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඔහුට නිල පත්වීමේ ලිපිය භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන්
වෙන්නේ.