අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට මුදලිගේට වරෙන්තු නිකුත් කෙරේ ..
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර
කිරීමට
නියෝග කර තිබෙනවා.
ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.