4 තලාතුඔය දී ඝාතනයකට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට


 


මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තලාතුඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලාතුඔය, උඩුදෙණිය ප්‍රදේශයේ නිවසක් බිඳ අවුරුදු 70 ක කාන්තාවගේ හුස්ම හිරකර ඝාතනය කර එම නිවසේ තිබූ දේපොළ හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 34, 36 හා 41 යන
වයස් වල පසුවන මඩවල, අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු
කරනවා.